You are currently viewing මාසික යාවත්කාලීන කිරීම – දෙසැම්බර් 2021

මාසික යාවත්කාලීන කිරීම – දෙසැම්බර් 2021

RACUOK හි 2021-2022 වාරයෙහි දෙසැම්බර් මාසය සදහා community service avenue, Club service avenue, International service avenue, professional development avenue විසින් හා Editorial, club relations, digital media and public relations teams විසින් කැපී පෙනෙන ව්‍යාපෘතින් හා ක්‍රියාකාරකම්  රාශියක් දියත් කරන ලදී.

Community service avenue  විසින්  දෙසැම්බර් 8 වන දින පෙ.ව 9.00 සිට රාගම වෛද්‍ය පීඨ පරිශ්‍රය තුළ දි ජාතික තැලසීමියා  සංවිධානයෙහි ඉල්ලීම පරිදි බටහිර රොටරැක්ට් සංවිධානය හා කැලණිය විශ්වවිද්‍යාලීය රොටරැක්ට් සංවිධානය විසින් “දායාද” නමින් රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදි.එය පරිත්‍යාගශීලින් 42 ගේ පමණ දායකත්වයෙන් සාර්ථකව අවසන් කරන ලදී.

Community service avenue විසින් ඔවුන්ගෙ little hand ව්‍යාපෘතියේ තෙවන අදියර සදහා ප්‍රවර්ධන කරුවන් ඔස්සේ අරමුදල් රැස් කරගන්නා ලදී.රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික් 3220 යටතේ ශ්‍රී ලංකාව හා මාලදිවයින් සංවිධාන විසින් ආරම්භ කරන ලද ” stop the spread covid 19″ යන   ප්‍රධාන ව්‍යාපෘතිය යටතේ කුඩා අනු ව්‍යාපෘති සංවිධානය කරන ලදී. ඒ අනුව එම ව්‍යාපෘතියේ 1 හා 2 වන අදියර යටතේ අධ්‍යාපන ක්ශේත්‍රය පදනම් කරගනිමින් පාසල් නැවත විවෘත කිරීම සදහා කටුකුරුන්ද ශාන්ත මරියා විද්‍යාල සිසුන්ට කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකුලව ත්‍යාග පිරිනමන ලදී.

මෙම  ව්‍යාපෘතින් අතරතුර සමාජයේ වෙනසක් උදා කීරිම සදහා Club service avenue  මගින් 21 වන දින ක්‍රිංගල් නමින් නත්තල පදනම් කොටගත් වැඩසටහනක් පවත්වන ලදී. සාමාජිකයන්ගෙ එකමුතු බව හා බැදීම වර්ධනය කරලීම සදහා  ” KRIS KRINGLE 21″ සංවිධාන කරන ලදි. ව්‍යාපෘතිය  අදියර දෙකකින් සිදු කරන ලදී. පළමු අදියර වූයේ විශ්වවිද්‍යාලයේ සියලුම උපාධි අපේක්ෂකයින් සඳහා විවෘත වූ ඔන්ලයින් ටික් ටොක් තරඟය වන අතර එහිදී ඔවුන්ව  නත්තලට අදාල නිර්මාණාත්මක වීඩියෝවන් නිර්මාණය කිරීමට දිරිමත් කරන ලදී. රොටරැක්ටර් සහ රොටරැක්ටර් නොවන කාණ්ඩ දෙකෙන්ම ජනප්‍රියම වීඩියෝව , වඩාත් නිර්මාණාත්මක වීඩියෝව හා දක්ෂතම වීඩියෝව තෝරා තෑගි පිරිනමන ලදී. එමෙන්ම එහිදී  ජයග්‍රාහකයන් දෙදෙනකු තෝරා පත් කරගත් අතර ඊට  සමගාමීව “Guess our Santa” තරගය පැවැත්විණි. අවසාන වශයෙන් කීර්තිමත් ආරාධිත ශිල්පීන්ගේ  සහභාගිත්වයෙන් හා රංගනයෙන් දෙසැම්බර් 28 වන දින KRINGLE EVE උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

International service avenue විසින්  කාන්තා සවිබල ගැන්වීම උදෙසා ‘ඇතීනා’ සගරාව එළිදක්වන  ලද අතර දෙසැම්බර් මස 31 වැනි දින ප්‍රචාරණය අවසන් කරන ලදී.

Professional Development avenue විසින් දෙසැම්බර් 4 වන දින පරිපාලන නිලධාරින් සහ මෘදුකාංග ඉංජිනේරුවන්ගේ රැකියා භූමිකාවන් සඳහා වූ ඔවුන්ගේ සම්මුඛ පරීක්ෂණ මාලාවේ අවසන් සැසිය, බොහෝ උපාධි අපේක්ෂකයින්ට වටිනා අත්දැකීම් රැසක් ලබා දෙමින් සාර්ථකව අවසන් කරන ලදී. සහභාගීවන්නන්ට තම ක්ෂේත්‍රවල වෘත්තිකයන් සමඟ සැබෑ ජීවිතයේ සම්මුඛ පරීක්ෂණ අත්දැකීමක් ලබා දීමෙන් රැකියා සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීම සඳහා සහභාගිවන්නන්ගේ ආත්ම අභිමානය සහ විශ්වාසය වැඩිදියුණු කිරීමේ අරමුණින් professional development  avenue  මගින් ‘view me’ ව්‍යාපෘතිය පවත්වන ලදී.

Together Sri Lanka ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සඳහා Club Relations Avenue එහි ප්‍රචාරණ කටයුතු සිදු කරන ලදි. 3220 රොටරි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් රොටරැක්ට් සමාජයේ මඟපෙන්වීම යටතේ ප්‍රදේශයේ තවත් රොටරැක්ට් සමාජ 11ක් සමඟ එක්ව Club Relations Avenue  විසින් මීගමුව කලපු ප්‍රදේශයේ අවශ්‍ය ස්ථානවල කසළ බදුන්  සවිකර පිරිසිදු ස්ථානයක් බවට පත්කිරීමේ ව්‍යාපෘතිය සංවිධානය කර ඇත.

Digital media team විසින්  මාසය පුරා සියලුම උපන්දින ප්‍රචාරන, විශේෂ දින ප්‍රචාරන සහ Member of the month  සමඟ ව්‍යාපෘති පත්‍රිකා සහ වීඩියෝ දර්ශන නිර්මාණය කිරීම සහ දළ විශ්ලේෂණය කරමින් ඔවුන්ගේ  කාර්යය සිදු කරගෙන ගියේය.තවද Editorial Team විසින් එම මාසයේ සියලුම විශේෂ දිනයන් පිළිබඳව අවධානය යොමු කළ අපූරු ලිපි සමඟ විශේෂ දින ලිපි මාලාව සිදු කරගෙන ගියේය.Membership relation avenue  විසින් දෙසැම්බර් 3 වන දින ඔවුන්ගේ Avoid  Delta ව්‍යාපෘතියේ ඇල්බමය නිකුත් කළ අතර, දෙසැම්බර් 26 වන දින ව්‍යාපෘතියේ සඟරාව එළිදැක්වන ලදි.

එමෙන්ම ‘What If ’ කෙටිකතා තරගයේ  සිංහල සහ ඉංග්‍රීසි යන කාණ්ඩ දෙකෙන්ම ජනප්‍රියම, නිර්මාණශීලි කාණ්ඩ යටතේ ජයග්‍රාහනය කළ ජයග්‍රාහකයන් දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලදී. ‘What If” යනු   රොටරැක්ට් සාමාජිකයන්ගෙ  නිර්මාණශීලිත්වය වැඩිදියුණු කිරීම සඳහා Editorial Team  විසින් දියත් කරන ලද නව්‍ය කෙටිකතා තරඟයකි.

මෙම ක්‍රියාකාරකම් මධ්‍යයේ Public relation Team විසින්  උපන්දින හා විශේශ දින සදහා සම්බන්ධීකාරකවරුන් දෙදෙනෙකු විශේශ සැසි මගින් පත් කර ගන්නා ලදී.. එමෙන්ම දෙසැම්බර් මාසය පුරාවට public relation team හි සියලුම සාමාජිකයන්  වෙහෙස මහන්සි වී කටයුතු කරන ලද අතර  Tik tok ගිණුම භාවිතයෙන්   2000 ඉක්මවන අනුගාමිකයින් සහ මනාප  ප්‍රමාණය වැඩි කර ගැනීමට හැකි විය. මාසික මහා සභා රැස්වීමේදී සපයන ලද දත්ත  මගින් පසුගිය මාස කිහිපය තුළ සියලුම සමාජ මාධ්‍යන්හි ප්‍රේක්ෂක ප්‍රමාණය සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව පැහැදිලි විය. නිබන්ධනයක් හරහා ස්වේච්ඡා සේවකයෙකු ලෙස සම්බන්ධ වීමේ වැදගත්කම ඉලක්ක කරගත් කෙටි ව්‍යාපාරයක් සහ 2021 වසර පිළිබඳ මතකයන් ප්‍රචාරණය  කරන instagram ප්‍රවණතාවක් ද දෙසැම්බර් 31 වන දින Public relation team  විසින් නිකුත් කරන ලදී.

දෙසැම්බර් මාසයේ මාසික මහා සභා රැස්වීම සහ DDR සංචාරය දෙසැම්බර් 16 වැනි දින පැවැත්වුණු අතර දිස්ත්‍රික් රොටරැක්ට් නියෝජිත Rtn.Rtr.Akhila Wijethunga මහතා රැස්වීම සඳහා ඔහුගේ පැමිණීම අප වෙත ලබා දුන්නේය. මහා සභා රැස්වීම අවසානයේ Director of the month , Avenue of the month , Team Leaders of the month ,Member of the month  සහ Most enthusiastic member of the month  ප්‍රකාශයට පත් කරන ලද අතර, ඔවුන්ගේ අරමුණු සඳහා ඔවුන්  වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කළ බැව් ඇගයීමට ලක් කරන ලද අතර ඒවා පහත පරිදි වේ.

~ Written by : Rtr. Venuri Bandara~

Leave a Reply