එදා සවස චානුක නිවසට පැමිණියේ වෙනදාටත් වඩා ඉක්මනින්ය.
ඉෂිනි තවමත් නිවසට පැමිණ තිබුණේ නැත. මෝටර් රථයෙන් බැස නිවස තුළට පැමිණි ඔහු, තමන්ටත් නොදැනී කිහිප වතාවක්ම ඔරලෝසුව දෙස බැලුවේය.
ඇයට කුමක් සිදුවී ඇත්දැයි සොයන්නට තරම් උවමනාවක් ඔහුට තිබුණේ නැත. අඩුම තරමේ ඔහුට එසේ සිතීමට අවශ්‍ය විය. එහෙත් විනාඩි කිහිපයකට වරක් ගේට්ටුව දෙසට යොමුවන ඔහුගේ දෑස් ඔහුවම පාවා දෙමින් තිබුණි. අවසානයේ ගේට්ටුව විවෘත වන හඬ ඇසුණි. ඉෂිනි නිවසට ඇතුළු වූයේ චානුක දෙස බලා පුංචි සිනහවක් පමණක් තිළිණ කරමිනි.
“ආවද?” ඇය වෙනදා මෙන්ම සරලව ඇසුවාය.
“හ්ම්.” චානුකගේ පිළිතුර කෙටි විය.
ඉෂිනි ඔහුගේ වෙනස ගැන වැඩිදුර නොසිතා තම කාමරයට ගියාය. ඇඳුම් මාරු කරගෙන, මුහුණ සෝදාගෙන නැවත පහළට පැමිණි ඇය රාත්‍රී ආහාරය පිළියෙළ කරන්නට පටන් ගත්තාය. චානුක සෝෆාවේ වාඩි වී සිටියත් ඔහුගේ අවධානය තිබුණේ රූපවාහිනිය වෙත නොවේ. කුස්සියේ එහා මෙහා යන ඉෂිනිගේ සෙවනැල්ල වෙතය.
ඇය අද දහවල් කොහේ ගියාද? කා සමඟද? ඔහු දැකපු ඒ පිරිමියා කවුද? එක් ප්‍රශ්නයක් අවසන් වන විට තවත් ප්‍රශ්නයක් ඔහුගේ සිතට නැගුණි. එහෙත් ඒ කිසිවක් ඇයගෙන් අසන්නට ඔහුගේ අහංකාරකම ඉඩ දුන්නේ නැත.
ටික වේලාවකට පසු රාත්‍රී ආහාරය සූදානම් විය. දෙදෙනාම කෑම මේසයේ දෙපසින් වාඩි වූහ. වෙනදා මෙන්ම නිහඬතාවය ඔවුන් අතර පිරී තිබුණි. චානුක අවසානයේ එම නිහඬතාවය බිඳ දැමීය.
“හෙට රෑ ලෑස්ති වෙන්න.”
ඉෂිනි කෑම ගනිමින් සිටි අත නතර කළාය.
“ඇයි?”
“මගේ බිස්නස් එකේ ඉන්වෙස්ටර් කෙනෙක්ගේ ගෙදර party එකක් තියෙනවා. අපි දෙන්නම යන්න ඕනෙ.”
“හෙට?”
“ඔව්.”ඉෂිනි මොහොතක් කල්පනා කළාය.
“මට හෙට යන්න බැරි වෙයි.” චානුකගේ හැන්ද මැදින්ම නතර විය.
“ඇයි?”
“මට හෙට මගේ පන්තියේ ළමයෙක්ගේ birthday party එකකට invitation එකක් ලැබිලා තියෙනවා.” චානුක ඇය දෙස බැලුවේ විශ්වාස කරගත නොහැකි ආකාරයෙනි.
“ළමයෙක්ගේ birthday party එකක්?”
“ඔව්.”
“ඒකට යන්නද හිතාගෙන ඉන්නේ?”
“ඔව්. එයා මට පෞද්ගලිකවම invite කළා. නොගියොත් ළමයට දුක හිතෙයි.”
චානුකගේ මුහුණ තද විය. “මගේ වැඩකට වඩා ඒක වැදගත්?”
ඉෂිනි ඔහු දෙස බැලුවාය. “මං එහෙම කිව්වෙ නෑ.”
“එහෙනම්?”
“මං පොරොන්දු වෙලා ඉවරයි. ඒ නිසා යන්න ඕනෙ.”
චානුකගේ සිත තුළ කිසියම් නොසන්සුන් හැඟීමක් මතු විය. ඔහුට පුරුදු වී තිබුණේ තමන්ට අවශ්‍ය දෙයක් පැවසූ විට කිසිවෙකු එය ප්‍රතික්ෂේප නොකරන ජීවිතයකටය. නමුත් මේ ගැහැණු ළමයා ඔහුගේ මුහුණ දෙස බලාගෙනම “බෑ” කියයි.
“හරි.” ඔහු අවසානයේ පැවසීය.
“ඔයා තරහින්ද?”
“නෑ.”
“එහෙනම් ඔය මූණ?”
“මගේ මූණ මට ඕන විදිහට තියාගන්න පුළුවන්.” ඉෂිනි මඳක් රවා බැලුවාය.
“හරි හරි.” ඇය නැවතත් කෑමට අවධානය යොමු කළාය. නමුත් චානුකට නම් කෑම කටක්වත් පහසුවෙන් ගිලගත නොහැකි විය. ඇය ඔහුගේ ආරාධනය ප්‍රතික්ෂේප කළේය. ඒත්… ඔහුට වඩා වැදගත් වූයේ කවුද? තම පන්තියේ ළමයෙකුගේ උපන්දිනයක්? නැත්නම්… ඇයගේ ජීවිතයේ වෙනත් කෙනෙකු සිටිනවාද? දහවල් ඔහු දුටු පිරිමියාගේ රුව නැවතත් ඔහුගේ මතකයට ආවේය.
ඔහුට තමාගේම හැඟීම් තේරුම් ගැනීමට නොහැකි විය. ඉෂිනි තමන්ගේ බිරිඳය. එය පමණක් ඔහුට මතක් විය. නමුත් ඇය තමන්ගේ බිරිඳ බව පිළිගන්නට මෙතෙක් කල් ගතවූ ඔහුට ඇය වෙනත් කෙනෙකුගේ අවධානය ලබන බව සිතීම පමණක් මෙතරම් වේදනාවක් ගෙන දෙන්නේ ඇයි? එදා රාත්‍රියේ චානුක නිදාගත්තේ ප්‍රශ්න ගොඩක් සමඟය. ඒ ප්‍රශ්න සියල්ලේම මැද සිටියේ ඉෂිනියි.
ඊළඟ දවසේ සවස…
චානුක සාමාන්‍යයෙන් සාදවලට යන්නේ ව්‍යාපාරික සබඳතා වෙනුවෙන් පමණි. ඒත් අද ඔහුගේ හිතේ තිබුණේ business ගැන නම් නොවේ. ඊයේ ඉෂිනි ඔහුට තමන්ගේ ආරාධනාව ප්‍රතික්ෂේප කර කියූ වචන ටික තවමත් ඔහුගේ මතකයේ තිබුණි.
“මට අද මගේ student කෙනෙක්ගේ birthday party එකකට යන්න තියෙනවා.”
ඒ ගැන තමාට කිසිම ගාණක් නැති බව ඔහු තමන්ටම කියාගත්තත්, ඇත්ත ඒක නොවන බව ඔහුගේ හැසිරීමෙන්ම පෙනුණි.
ඒ අතරේ නිවසේ…
ඉෂිනි කණ්ණාඩිය ඉදිරියේ සිටගෙන තමන්ගේ දිගු කොණ්ඩය සකස් කරමින් සිටියාය. අද ඇය තෝරාගෙන තිබුණේ අතිශය සරල, ලා නිල් පැහැති සාරියකි. බර ආභරණ කිසිවක් නොවීය. කුඩා earrings දෙකක් පමණක් පැළඳගෙන, මෘදු makeup එකකින් පමණක් සැරසී සිටි ඇයගේ මුහුණ තවත් ප්‍රසන්න වී තිබුණි. ඇය handbag එක අතට ගත්තාය. ඒ මොහොතේම පහළින් කාර් එකක් නතර වන හඬ ඇසුණි. ඇය ඉක්මනින් පහළට බැස්සාය. නමුත් පඩිපෙළේ අවසාන පියවරට පැමිණි මොහොතේ ඇය නතර විය. ඉදිරිපස දොර ළඟ චානුක සිටියේය. කළු suit එකකින් සැරසී, සාමාන්‍ය ලෙසම ගාම්භීර පෙනුමකින් ඔහු සිටියේය. ඔහුද ඇය දෙස බලා සිටියේය.
තත්පර කිහිපයක් දෙදෙනා අතර කිසිදු වචනයක් නොවීය. චානුකගේ දෑස් ඇගේ සාරියෙන් ඇගේ මුහුණ වෙත ගියේය. ඊයේ traffic light එක ළඟදී දුටු ඒ සිනහව ඔහුට මතක් විය.
“ඔයා යන්න ලෑස්තිද?” ඔහු අවසානයේ ඇසුවේය.
“ඔව්.” ඉෂිනි සරලව පිළිතුරු දුන්නාය.
“කොහෙද?”
“Birthday party එකට.” චානුක කිසිවක් නොකියා ඔරලෝසුව දෙස බැලීය.
“මං යනවා.”
“හ්ම්.” ඇය දොර ළඟින් යන්නට සැරසුණාය.
“ඉෂිනි.”
ඇය හැරී බැලුවාය.
“ඇයි?”
චානුක තත්පරයක් ඇය දෙස බලා සිටියේය.
“නෑ… nothing.”
ඇය උරහිස් දෙක සෙමින් හකුළුවාගෙන පිටතට ගියාය. චානුක ඇය යන දෙස බලා සිටියේය.
සාදයට ගිය ඉශිනි තම සහෝදර ගුරුවරුන් සමඟ සිනාසෙමින් කතාකරමින් සිටින මොහොතේම හෝටලයේ ප්‍රධාන දොරෙන් චානුක ඇතුළු විය. ඔහුගේ business associate කෙනෙකු සමඟ කතා කරමින් ඇතුළට පැමිණි ඔහුගේ දෑස් එක්වරම නතර විය.
“ඉෂිනි.” ඇය වෙනදා නිවසේ දකින ඉෂිනි නොවීය. සාරියකින් සැරසී, සිනාසෙමින්, වටපිටාවේ සිටින සියල්ලන් සමඟ නිදහසේ කතා කරමින් සිටියාය. චානුකගේ ඇස් ඇය මතම රැඳී තිබුණි. ඒත් ඊළඟ මොහොතේ ඔහුගේ මුහුණ වෙනස් විය. ඇය අසල සිටි පිරිමියා…
ඉෂිනි සහ ඒ අමුත්තා අතර ඇති සම්බන්ධය කුමක්ද? චානුකගේ හිතේ මෙතරම් නොසන්සුන්කමක් ඇති කරන්නට ඒ රුවට හැකි වූයේ ඇයි? මේ සියලු පැනයන්ට පිළිතුරු සමඟින් සිව්වන දිගහැරුමෙන් හමුවන තුරු රැඳී සිටින්න!
