පසු දිනය සෙනසුරාදාවක් විය.
ඉෂිනි උදෙන්ම අවදි වී පහළට පැමිණියාය. අද පාසල් යාමක් නොතිබූ නිසා ඇය සරල ගවුමකින් සැරසී, කොණ්ඩය ලිහිල්ව ගැටගසාගෙන සිටියාය. ඇය මුළුතැන්ගෙයට ගොස් උදෑසන කෑම සූදානම් කරන්නට පටන් ගත්තාය.ඒ අතරේ පඩිපෙළ දිගේ කෙනෙකු පහළට එන හඬ ඇසුණි.
චානුක…
ඔහු සාමාන්යයෙන් weekend එකකවත් මෙතරම් උදෙන් අවදි නොවන බව ඇය දැන සිටියාය.
“Good morning!” ඉෂිනි හැරී බැලුවාය.
“Good morning!” චානුක කුස්සිය දෙස බැලීය.
“ඔයා උදේ කෑම හදනවද?”
“ඔව්.”
“මොනවද?”
“String hoppers. ඔයාට කන්න පුළුවන්ද?” ඔහු මොහොතක් ඇය දෙස බලා සිටියේය.
“පුළුවන්.”
ඉෂිනි සිනාසුණාය.
“Coffee එක?”
“ඔව්.”
කෝප්පය ඔහු අතට දෙන විට චානුක ඇය දෙස බැලීය.
“Thanks.”
“Welcome.”
එය දෙදෙනා අතර පැවති සාමාන්ය “හ්ම්” වලට වඩා වෙනස් කෙටි සංවාදයක් විය.
ඉෂිනි නැවත කෑම සූදානම් කරන්නට ගියාය. චානුක කෝපි කෝප්පය අතේ තබාගෙන ඇය දෙස බලා සිටියේ කියාගත නොහැකි හැඟීමකිනි.
උදෑසන කෑමෙන් පසු ඉෂිනි ගෙවත්තට ගියාය. චානුක balcony එකේ සිට laptop එකෙන් වැඩ කරමින් සිටියදී පහළින් ඉෂිනි පෙනුණි. ටික වෙලාවකින් පහළට ආ චානුක ඉශිනි අසලට ගියේය.
“අද ඔයාට plans තියෙනවද?”
ඉෂිනි හිස ඔසවා ඔහු දෙස බැලුවාය.
“නෑ… ඇයි?”
“නිකන් ඇහුවේ.”
ඇය සිනාසුණාය.
“ආයෙත් ‘නිකන්’ද?”
චානුකගේ මුවේ සිනහවක් මතු විය.
“මං වැඩිය කතා කරන මනුස්සයෙක් නෙවෙයි.”
“ඒක නම් මට තේරිලා තියෙන්නේ.”
චානුක ඇය දෙස මොහොතක් බලා සිටියේය.
“හවසට ලෑස්ති වෙන්න.”
ඉෂිනි හිස ඔසවා බැලුවාය.
“ඇයි?”
“එළියට යමු.”
ඉෂිනි ඔහු දෙස සැකයෙන් බලා සිනාසුණාය.
“ඔයා අද නම් හරි අමුතුයි.”
සවස හයට පමණ ඉෂිනි සරල ලා පැහැති ගවුමකින් සැරසී පහළට පැමිණියාය. කොණ්ඩය ලිහිල්ව ගැටගසාගෙන, ඉතාමත් සරලව සිටි ඇයව දුටු චානුක තත්පර කිහිපයක් නිහඬව බලා සිටියේය.
“යමුද?” ඉෂිනි ඇසුවාය.
“හ්ම්…”
ඔවුන් ගියේ මුහුද අසල තිබූ නිස්කලංක ස්ථානයකටය. හිරු බැස යමින් තිබුණි. මුහුදු රළ හඬත්, සීතල සුළඟත් අතරේ ඔවුන් දෙදෙනා නිහඬව ඇවිදිමින් සිටියහ. ඉෂිනි ඔහු දෙස බැලුවාය.
“ඉෂිනි… මං ඔයා ගැන මුලින් හිතපු විදිහ වැරදියි.” චානුකගේ හඬ මෙවර වෙනස්ය.
ඇය නිහඬ වූවාය.
ඔහු ඇය දෙස හැරී බැලීය.
“ඔයා මේ ගෙදරට ආවට පස්සේ… මට තේරුණා මං කොච්චර වැරදිද කියලා.”
“මං ඔයාට රිද්දපු දේවල් ගැන මට කණගාටුයි. මං මේ දේවල් කියන්නේ ඔයාගෙන් කිසිම දෙයක් බලාගෙන නෙවෙයි.මට දැන් තේරෙන එක දෙයක් තියෙනවා…”
“මොකක්ද?”
ඔහු හෙමින් ඇගේ අත අල්ලා ගත්තේය.
“ඔයා මට දැන් නිකන්ම මගේ බිරිඳ නෙවෙයි, ඉෂිනි. ඔයා… මට වැදගත් කෙනෙක් වෙලා.” චානුක ඇගේ අත තව ටිකක් තදින් අල්ලා ගත්තේය.
“මං හිතන්නේ… මං ඔයාට ආදරේ කරන්න පටන් අරගෙන…” චානුකගේ අවසන් වචන කිහිපයත් සමඟ ඉෂිනි නිහඬ වූවාය.
ඇය ඔහු දෙස බලා සිටියේ, ඔහු පැවසූ දේ ඇත්තක්දැයි තේරුම් ගැනීමට මෙන්ය. මෙතරම් කාලයක් ඔහුගෙන් ඇසීමට බලාපොරොත්තු නොවූ වචන කිහිපයක් අද ඔහුගේම මුවින් ඇසෙද්දී ඇගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය.
“චානුක…”
ඔහු ඇගේ දෑස් දෙස කෙලින්ම බලා සිටියේය.
“මං දන්නවා, මං ඔයාට ගොඩක් රිද්දුවා. සමහර වෙලාවට ඔයාට මං ගැන කිසිම විශ්වාසයක් නැති වෙන්න ඇති. ඒත්… මං වෙනස් වෙන්න ඕනේ කියලා දැන් මට තේරෙනවා.”
ඉෂිනිගේ දෑස්වලට කඳුළු පිරුණේ නොදැනුවත්වමයි.
“ඔයා මේක කියන්න මෙච්චර කල් ගත්තේ ඇයි?”
චානුක ඈ දෙස බැලුවේ පුදුමයෙනි.
“මං හිතුවෙ… ඔයා මාව කවදාවත් පිළිගන්න එකක් නෑ කියලා. ඒත් මං හිතුවට වඩා ඔයා මගේ ජීවිතේට ළං වෙලා. ඔයා ගෙදර නැති වෙලාවට මට ඔයා ගැන හිතෙනවා. ඔයා පරක්කු වුණාම මට බය හිතෙනවා. ඔයාට මොනවාහරි වුණොත් මට ඒක දරාගන්න බැරි වෙයි කියලා හිතෙනවා. ඒක ආදරේ නෙවෙයි නම්… මං දන්නෙ නෑ ඒකට කියන්නේ මොකක්ද කියලා.” චානුකගේ දෑස් ඇය වෙතම රැඳී තිබුණි.
“ඉෂිනි…”
“මං ඔයාට ආදරෙයි, චානුක.” ඇය මෙවර කිසිදු පැකිලීමකින් තොරව පැවසුවාය.
චානුක ඇය දෙස බලා සිහින්ව සිනාසුණේය.
“ඉෂිනි…”
“ම්ම්?”
“මං ඔයාට ආදරෙයි.” ඇය ලැජ්ජාවෙන් බිම බලාගත්තාය.
මොහොතක් දෙදෙනා අතර නිහඬතාවයක් පැවතුණි. මුහුදු රළ එකින් එක වෙරළට පැමිණ බිඳී ගියේය. චානුක ඇගේ අත තවමත් අල්ලාගෙනය.
“ඉෂිනි…”
“ම්ම්?”
“මං දෙයක් අහන්නද?”
“අහන්න.”
චානුක මොහොතක් ඇගේ දෑස් දෙස බලා සිටියේය.
“දිනුක ගැන.”
ඉෂිනිගේ මුහුණේ පුංචි පුදුමයක් මතුවිය.
“දිනුක?”
“ඔව්.” චානුකගේ හඬේ සැකයක් තිබුණේ නැත. එහෙත් ඔහුගේ දෑස්වල තිබූ කුතුහලය ඇයට හොඳින්ම පෙනුණි.
“අර දවසේ traffic light එක ළඟ මං ඔයාව එයා එක්ක දැක්කා. ඊට පස්සේ birthday party එකෙත් එයාව දැක්කා.”
ඔහු මඳක් නතර විය.
“එයා කවුද?”
ඉෂිනිගේ මුවේ සිනහවක් මතු විය.
“දිනුක කියන්නේ මගේ කැම්පස් එකේ හොඳම යාළුවෙක්.”
“කැම්පස් එකේ?”
“ඔව්. අපි ඒ කාලේ ඉඳන්ම යාළුවෝ. දැනුත් ඉතින් අපි එක ඉස්කෝලේ වැඩ කරනවා” චානුක සෙමින් හිස වැනුවේය.
“එහෙනම් ඒකයි.”
“මොකක්ද?”
“මුකුත් නෑ”
“ඒක ගැනද ඔයා මෙච්චර කල් හිත හිත හිටියේ?”
“මං එහෙම කිව්වද?”
“නෑ. ඒත් දැන් තේරෙනවා.”
“චානුක… දිනුක මගේ හොඳ යාළුවෙක් විතරයි.”
“හ්ම්.”
“ඇයි?”
“නිකන්.”
ඉෂිනි සිනාසුණාය.
“ආයෙත් ‘නිකන්’.”
චානුකටත් සිනහවක් ගියේය. චානුක ඇගේ අත අල්ලාගෙනම මුහුද දෙස බැලුවේය. ඔහුට තේරුණේ එක දෙයකි. තමන් මෙතරම් කාලයක් ඉෂිනිගේ ජීවිතය ගැන කිසිවක් දැනගැනීමට උත්සාහ කර තිබුණේ නැත. නමුත් අද… ඇගේ ජීවිතයේ සිටින එක් එක් පුද්ගලයා ගැන පවා දැනගැනීමට ඔහුට අවශ්ය වී තිබුණි.
ආපසු එන මුළු ගමන පුරාම ඉෂිනි ජනේලයෙන් පිටත බලාගෙන සිටියාය. චානුකත් වැඩි දෙයක් කතා කළේ නැත. ඒත් දෙදෙනාගේම මුහුණුවල තිබුණේ මඳ සිනහවකි. අද ඔවුන් අතර තිබූ බොහෝ දේ වචනවලින් පැවසී අවසන් වී තිබුණි. නිවසට පැමිණි පසු ඉෂිනි තම කාමරයට යන්නට සූදානම් වූවාය.
“Good night.”
“Good night.”
ඇය පියවර කිහිපයක් ඉදිරියට ගියාය.
“ඉෂිනි…”
“ම්ම්..”
“ඔයා ඔය කාමරේ ඉන්න ඕනෙ නෑ”
“මොකක්ද”
චානුක සෙමින් විත් ඇගේ අත අල්ලා ගත්තේය.
“මේ කාමරේ ඔයාටත් අයිතියි. අද ඉඳන් වෙනම කාමර දෙකක් ඕන නෑ.”
“ඇත්තටම”
ඔහු සෙමින් ඇගේ අත අතහැර දොර දෙසට හැරුණේය. මොහොතකට පසු ඔහු නැවත ඇය දෙස බැලුවේය.
“එනවද?”
ඉෂිනි කිසිවක් නොකියා ඔහු වෙතට පියවරක් තැබුවාය. දෙදෙනාම එකට කාමරයට ඇතුළු වූහ. කාමරය පුරා තිබූ නිහඬතාව අතර ඔවුන් දෙදෙනාගේ හුස්ම හඬ පවා පැහැදිලිව ඇසුණි. චානුක ඇය අසලට පැමිණියේය. ඇය සෙමින් ඔහුගේ අත අල්ලාගත්තා. චානුක මොහොතක් ඇය දෙස බලා සිටියේය. ඉන්පසු ඇයව සෙමින් තමන් වෙතට ළං කරගත්තේය. ඉෂිනි ඔහුගේ පපුවට හිස තබාගත්තාය. ඔහු ඇගේ හිස මත සිපුමක් තැබීය.
එදා රාත්රියේ ඔවුන් අතර තිබූ අවසන් දුරත් නිහඬව මැකී ගියේය. මන්ද, ඊයේ දක්වා අහම්බයක් වූ ඔවුන්ගේ බැඳීම… අද වන විට ඔවුන්ගේ ජීවිතය වී තිබුණි.
ඉතින් එය අවසානය නොව ඔවුන්ගේ කතාවේ ආරම්භය විය.
— නිමි —
