You are currently viewing නිමැවුම කියන්නේ නිමැවුමට විතරම ද?

නිමැවුම කියන්නේ නිමැවුමට විතරම ද?

නිමැවුම කියන වචනයට වාණිජ්‍ය කරන කෙනෙක් නම් කියන්නේ ඉතින් මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කිරීමට යොදාගන්නා ඕනෑම නිෂ්පාදනයක් කියලා.. හැබැයි මම නම් මේ හදන්නේ නිමැවුමට සමාජානූකූල විදිහට අර්ථයක් දෙන්න..📝

අනේ ඉතින් නිමැවුම ගැන ආයි අලුතෙන් මොකක් කියලා කියන්නද ඉතින් නේ..? 🤔නෑ… දකින දෘෂ්ටිය.. සිතන පරාසය පුළුල් කරගත්තොත් ඔය නිමැවුම කියන වචනේ අකුරෙන් අකුර විචාරය කරන්න පුලුවන්.. 🗣️

නිමැවුම යන වචනය ඕනෑම අයෙකුට විකල්ප ආකාර වලට නිර්වචනය විචාරය කළ හැකි යෙදවුම් ක්‍රියාවලියක් ඔස්සේ සංකලනය වීම තුලින් අවසානයේ අප අතට පත්වන්නේ නිමැවුමකි.. ව්‍යාපාරිකයා තම හැකියාව ඔස්සේ ඉදිරිපත් කරන නිමැවුමක් දෙමව්පියන් විසින් ගුණ දහම්, අධ්‍යාපනය ලබා දී සමාජයට දායාද කරන නිමැවුමට වන දරුවා ඉතින් නිමැවුම තමයි..

(හෝව්… විනාඩියක්… තේරුන්නෑනේහ් 😌 ආයි කියවලා එන්ඩෝ…  හුම් හාරි යන් ඉතිරි ටිකට.. 😁👇🏻)

අතීතයේ පටන් වර්තමානය දක්වා කැපවීමේ, වෙහෙස වූ මහන්සියේ quality එක අපිට නිමැවුමෙන් බලා ගන්න පුලුවන්.. නිමැවුම ධර්මානුකූලව විග්‍රහ කළොත් ඉතින් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූත රූප වලින් හැදිල තියනවා කියන්න පුලුවන්.. විද්‍යාත්මකව කිව්වොත් ඉතින් ඝන, ද්‍රව, වායු වල සංකලනයක් විදිහටත් සරලව මේ නිමැවුම අර්ථකථනය කරන්න පුලුවන්… ( හම්මෝ මහන්සියි.. ෆූඋ….. 🤪😵 )

නිමැවුමේ පිටත ස්වරූපයෙන් සමස්ථය පිළිබඳව යම් මතයකට එන්න ඔයා, අම්මා, තාත්තා විතරක් නෙවේ මේක ලියන මාත් පෙළඹෙනවා… මුල කොහොමද මැද කොහොමද අග කොහොමද කියලා හොයන්න කලින් කොයි කවුරුත් ඇහැට දකින දෙයින් තමා සමස්ථය පිළිබඳව අවබෝධයක් ගන්නේ… ඒ කොහොමද කියනවා නම් ඉතින් ඔයාලා කථාවක් කියවන්න කලින් කථාවේ නම, cover picture එක බලනවා වගේ වැඩක් සරලව කියන්න පුලුවන්… 😶

මුලින් එහෙන් පටලවලා 🔗 අග මෙහෙන් පටලවලා 🔗 මම ඉතින් මේ හතරමන් හන්දියෙන් වමට දාල තුන්මන් හන්දියෙන් කෙලින්ම ගිහින් රවුන්දබවුට් එකට දාලා 😵‍💫 වටේට වටේට ගිහින් කියන්නේ මෙන්න මේකයි 😁 “අපේ මුළු ජීවිතේම අවසානය (මරණය) දක්වා අපේ නිමැවුමේ quality එක තියාගෙන brand එකක් හදන් ජීවත් වෙන්න” කියලයි… දෙයක් එකපාර කිව්වාම ඔයාට විතරක් නෙවෙයි ඉතින් මටත් තේරෙන් ඣෑ! ☹️ මොකද ඉතින් පෘථග්ජන මිනිස්සු වන අපි හැමෝම tube light නේ… 🤯😂💔

Leave a Reply