ආදර ලොවීනා

ආල වඩනා කැලණි කන්දට..
පාර කියනා සීතලේ..
තුරුලු කරගත් මතක එකිනෙක..
පිරිමදිමි තල් වැට කොනේ..
නිරතුරුව නෙත ගැටෙන නෙත්යුග..
මගහරිමි නොදුටුව ලෙසේ..
නිතර නොගැටෙන දෙනෙත සොයමින්..
දෙනෙත පියවමි සීරුවේ..
අත වනන මී අඹය අබියස..
පෙම් වදන් නෑසුන ලෙසේ..
“ලොවීනා” නුබෙ සුවද සොයමින්..
පියනගමි පොත්ගුල වෙතේ..

Treasurer: Rtr. Lakmal Perera

Leave a Reply