You are currently viewing පුද්ගලයා හා මානසික ආතතිය

පුද්ගලයා හා මානසික ආතතිය

වර්තමානයේ අප බොහෝ දෙනා මුහුණ දෙන ගැටලුවක් වන්නේ මානසික ආතතියයි. “stress” හෙවත් මානසික ආතතිය අද අප කනට හුරු වචනයකි. සමාජයේ ජීවත්වන මිනිසුන් වශයෙන් බොහෝ දෙනා යම් යම් පීඩාකාරී තත්වයන්ට මුහුන දෙයි. එවැනි තත්ත්වයන් වන්නේ මානසික ආතතියයි. ඔබ ද මම ද මේ සියලු දෙනා මේ ජීවත් ම ගමන් මග තුළ විවිධ පීඩාකාරී තත්වයන්ට මුහුණ දේ. එසේ නම් අපි බලමු මොකක්ද මේ මානසික ආතතිය කියන්නේ? එය ඇති වන්නේ කෙසේද? මානසික ආතතිය ස්වභාවය? අප මුහුණ දෙන ආකාරය ආදී යන අපි විමසා බලමු.


මානසික රෝග යටතේ සුළු මානසික රෝගයක් ලෙස මානසික ආතතිය පෙන්වාදිය හැකිය. මානසික ආතතිය යනු සරල මානසික ව්‍යාබාධයකි. එහෙත් ඇතැම් අවස්ථාවල දී බරපතළ මානසික රෝග ඇතිවීමට මෙය බලපෑම් කරනු ලබයි. රිචඩ්ලාසර්ස් සහ සුසෑන් ෆෝක්මන් විසින් 1984 දී යෝජනා කරන අන්දමට මානසික ආතති ඇති වෙන්න බාහිර ඇති සම්පත් හා ඉල්ලුම අතර අසමතුලිතතාවයක් පවතින විටදී හෝ යම්කිසි පුද්ගලයෙකු හට ආවේණික දරාගැනීමේ හැකියාව ට වඩා පිටතින් ඇති කරන පීඩනය ඉහළ ගිය අවස්ථාවන්හිදී ය. මානසික ආතතිය යනු මිනිසාට ඇතිවන ස්වභාවික හැඟීමකි. මානසික ආතතිය ඇතිවීමට නියම හේතුව හෝ හේතුව හඳුනා ගැනීමට අපහසුය. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. මේ තත්ත්වය බොහෝ දුරට හටගන්නේ පුද්ගලයාගේ මනස තුළය. සාමාන්‍යයෙන් මිනිසුන්ට එදිනෙදා ජීවිතයේ දී බොහෝ බාධක, තැලීම් හැප්පීම්, බලාපොරොත්තු කඩවීම්, බිය, චිත්තවේග පාලනය  ජය පරාජය, ව්‍යසනය, අවබෝධය නොමැති වීම යනාදී ගැටලුකාරී තත්ත්වයන් දිගින් දිගටම ඔහුගේ හෝ ඇයගේ මනසට නිරන්තරයෙන් පීඩා ගෙන දෙන්නේ නම් මානසික ආතතිය ඇතිවීමට ඉඩකඩ පවතී

මානසික ආතතිය ඇතිවන තවත් ආකාරයක් ලෙස මානසිකව ඇතිවන ආතතිය පුද්ගලයාගේ විවිධ ජීවන ගැටලු සමඟ ඇති වේ. රැකියාවේ ප්‍රශ්න, විභාග හා ප්‍රේම සබඳතා ප්‍රශ්න, අධ්‍යාපන ප්‍රශ්න යනාදී වර්තමානය මානසික ආතතියට මුල් බැසගෙන ඇත. ඒ වගේම ලිංගික අපයෝජනය අතවර හා හිරිහැර මානසික ආතතියට සෘජුව බලපෑම් කරනු ලබයි.

නිදසුනක් වශයෙන් අප සාකච්ඡා කළහොත් අධ්‍යාපනික ගැටලු, මෙම ගැටළුව පුද්ගලයෙකු තුළ මානසික ආතතිය ඇතිවීමට බෙහෙවින් බලපාන කරුණකි. වර්තමාන සමාජයේ තරගකාරී අධ්‍යාපන ක්‍රමය හමුවේ අප දරු දැරියන් මානසික ආතතියට බහුලව ලක් වේ. ඉගෙනුමට ඇති තරගකාරිත්වය, පමණට වඩා ඉගෙන ගැනීම, විභාග භීතිකාව, අමතර ටියුෂන් පන්ති යනාදිය අනවශ්‍ය ලෙස මනසට වද දෙන විට මානසික ආතතියට ගොදුරු වේ. විශේෂයෙන් ම විභාගයට පෙනී සිටින දරුවන් තුළ නියමිත විභාග දිනයට පෙර පාඩම් කර ගත හැකිද? විභාගය ලියන මොහොතේ දී කාලය ප්‍රමාණවත් වේද? පාඩම් කිරීමට දින ප්‍රමාණවත් වේ ද? මෙවැනි කරුණු විභාගයට පෙනී සිටින ඕනෑම කෙනකුට විවිධාකාර වශයෙන් බලපානු ලබන තත්ත්වයක් පවතී. නමුත් මෙම පීඩාකාරී තත්ත්වය පමණට වඩා ඉක්මවා ගිය විට stress හෙවත් ආතතියට ලක්වේ.එසේ සිදු වූ විට විෂය කරුණු මතකය තබා ගැනීමට අපහසු වීම, අමතක වීම, නින්ද නොයාම, අත වෙව්ලීම, අධික හිසරදය, දහදිය දැමීම, බිය වීම යනාදී ප්‍රතිඵලයන් හිමිවේ. ඒ වගේම විභාග ප්‍රතිඵල වලදී තමන් බලාපොරොත්තු නොවූ ප්‍රතිඵලයක් ලැබු විට මානසිකව ඇද වැටීමක් ද තවත් සමහරු මේ උත්සන්න වී සිය දිවි නසා ගැනීමට පවා පෙළඹීමට හැකියාවක් තිබේ.  තවද පාසල් යන කුඩා දරුවන්ට විශේෂයෙන් 1, 2, 3 යන ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරු දැරියන්ට තමන්ගේ මනසට දරාගත නොහැකි තරම් වැඩ කන්දරාවක් පාසලේ ගුරුවරයා විසින් ලබා දේ. පාසල නිමවී ගෙදර පැමිණි විටද ළමයාට විවේකයක් නොමැත. අමතර ටියුෂන් පන්ති වලට දෙමව්පියන් බලෙන් රැගෙන යාමේදී දරුවන්ගේ මානසික වශයෙන් පීඩාවක් ගෙන දෙයි. දරුවන්ට නිදහසේ සෙල්ලම් කිරීමටවත් අද කාලයක් නොමැත. ඒ වගේම තරගවලින් ජය පරාජය අහිමි වීම, එය විඳ දරා ගැනීමට නොහැකි වූ තත්ත්වයන් වලදී පවා කුඩා දරු දැරියන් මානසිකව ඇද වැටීම් වලට ලක්වේ. මෙකී තත්ත්වයන් නිසා කුඩා ළමුන් මානසික ආතතියට ගොදුරු වීමේ ප්‍රවණතාවය ඉතාමත් ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇත.

Stress, Anxiety, and Sleep - Sleeptastic Solutions

තවත් නිදසුනක් මඟින් පැහැදිලි කළහොත් ප්‍රේම සබඳතා බිඳවැටීම මානසික ආතතියට තවත් කරුණකි. ප්‍රේම සබඳතා බිඳවැටීම යටතේ තම පෙම්වතා හෝ පෙම්වතිය හැර යාම, පෙම්වතාගේ හෝ පෙම්වතියගේ වියෝවක් යනාදී කරුණු මත අද සමාජය බොහෝ තරුණ තරුණියන් මානසික වශයෙන් පීඩා විඳිති. තම පෙම්වතා හෝ පෙම්වතිය හැර යාම දරා ගැනීමට නොහැකි වූ කල්හි විවිධ නොමනා ක්‍රියාවන් වලට පෙළඹීමට ක්‍රියා කරයි. ආහාර නොගෙන සිටිම, සැමදෙනා සමග කේන්තියෙන් පසුවීම, කතා නොකර සිටීම, තම ශරීරයට හානි සිදුකර ගැනීමට පෙළඹීම, මත්පැන් වලට හා මත්කුඩුවලට ඇබ්බැහිවීම එවැනි තත්ත්වයන් උපරිම ගිය විට සියදිවි නසා ගැනීමට ද පෙලඹේ.තමන් ආදරේ කළ පුද්ගලයා හැර යාම හෝ අහිමි වීම සෑම දෙනාටම එක සේ දරා ගත නොහැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන කල්හි දරාගැනීමේ ප්‍රමාණයද   පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඒ වගේම විවාහ ජීවිතයේදී මානසික ආතතියට ලක්වන ප්‍රමාණය ඉතාමත් වැඩිය. සැමියාගේ හෝ බිරිඳගේ වෙනස්වීම් හෝ වෙනස්කම්, අනියම් සබඳතා, සහකරුගේ හෝ සහකාරියගේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම්, දරුවන්ගෙන් වෙන් වීම්, වියෝවන්, ආර්ථික ප්‍රශ්න යනාදී කරුණු මත මානසික ආතතියට බලපෑම් කරනු ලැබේ. මෙවැනි කරුණු කාරණා අද අපට බොහෝ සෙයින් දකින්නට අසන්නට ලැබේ. එබැවින් පැහැදිලි වන්නේ වත්මන් සමාජයේ බහුතරයක් ම මානසික ආතතියට ගොදුරු වීමේ ශීඝ්‍රතාව වැඩි වී ඇති බවයි.

Alcohol Addiction Alternative Treatments

ඒ වගේම තවත් පිරිසකට තමන් රැකියාව කරන ස්ථානය මානසික ආතතියට හේතු වේ. ප්‍රධානියාගේ බලපෑම්  අධික ලෙස වැඩ වැඩි වීම, ප්‍රමාණය ඉක්මවා වැඩ කිරීමට සිදුවීම, අඩු වැටුප්, අනෙකුත් අය සමඟ මත ගැටුම්, අගය නොකිරීම, පිළිගැනීමක් නොමැති වීම යන කරුණු මත මානසික ආතතියට බලපායි

The Impact Of Chronic Work Stress On Your Employees

ඒ වගේම සමාජයීය සාධක ද පුද්ගලයාගේ මානසික ආතතියට බෙහෙවින් බලපානු ලබයි. දුප්පත්කම, ප්‍රශ්නකාරි අසල්වැසියන් හා නගරබද පදිංචිව ඉඩකඩ නොමැති වීම, ආගම්වාදය, අධික ශබ්දය යන ආදී පාරිසරික සාධකද මානසික වශයෙන් බලපානු ලබයි. ඒ වගේම පුද්ගලයෙකු දිගුකාලීනව රෝගයක් වෙනුවෙන් බෙහෙත් ඖෂධ ලබා ගන්නේ නම්, විරැකියාව, හුදෙකලා බව විවේකය මදිකම යනාදී ගැටළුකාරී තත්වයන් ද මානසික ආතතියට හේතු වෙයි. ඒ වගේම මත්ද්‍රව්‍ය ඇබ්බැහිකම් ද මානසික ආතතියට හේතු වේ. දිගුකාලීනව මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිත කරන්නේ නම් ඔහුගේ මනස විකෘති ස්වභාවයට ලක්විය හැකිය. එකී අවස්ථාවලදී මානසික ආතතියෙන් නොනැවතී  විශාදය දක්වා මනස ගමන් කරයි. තවත් සමහරුන් මෙකී මත්පැන් භාවිතය නිසා වෙනත් මානසික රෝගාබාධ වලට ද ලක්වේ. 

මේ ආකාරයට දිගුකාලීනව මානසික ආතතිය නිසා ඇතිවන රෝගාබාධ ද පවතී. එනම්,

  •  අධික රුධිර පීඩනය
  •  අංශභාගය
  •  දියවැඩියාව
  •  හදවත් රෝගය
  • ගැස්ට්‍රයිටිස්
  •  විශාදය
  •  අසාමාන්‍ය බිය 
  • ප්‍රතිශක්තිකරණය අඩු වීම යනාදිය දැක්විය හැකිය

මෙකී ඉහත දැක්වූ කරුණු මගින් ගම්‍ය වන්නේ සමාජයේ ජීවත්වන අපි කුමන හෝ මානසික ආතතියකින් පෙලෙන බවයි. එසේ වී නම් අප මානසික ආතතිය දුරු කර ගන්නේ කෙසේද යන ප්‍රශ්නය නැගිය යුතුය. මානසික ආතතිය නිසි ලෙස කළමනාකරණය කරගත නොහැකි වූ විට මනස පමණක් නොව කය ද රෝගී බවට පත් වේ. එසේ වී නම්,

  • ව්‍යායාම කිරීම
  •  යෝග කිරීම
  •  සංගීතයට සෞන්දර්යට  හිත යොමු කිරීම
  • සුරතල් සතුන් ඇතිකිරීම
  •  ස්වභාවික පරිසරය සමඟ කාලය ගත කිරීම
  •  කවි ලිවීම හෝ පොතක් ලිවීම කියවීම දිනපොතක් භාවිතා කිරීම
  •  තම ළඟම මිතුරෙකු සමග නිතර කතා කිරීම
  •  ලස්සනට ඇඳුම් ඇඳීම
  •  මනස ලිහිල් කර ගැනීමට භාවනා කිරීම ආගමික වතාවත්වල යෙදීම
  •  තමන්ට හොඳ යැයි සිතන දේවල් ජීවිතයට ළංකර ගැනීම 

යනාදී උපක්‍රම අනුගමනය කිරීමෙන් ඔබට මානසික ආතතිය පාලනය කරගත හැකිය. නිතරම සතුටින් කාලය ගතකළ හැකිය.

Written by Rtr. Vimansa Dilshani

Community Service Avenue

This Post Has One Comment

  1. Isanka Yesmi

    An interesting article 👍

Leave a Reply